Press "Enter" to skip to content

කොවිඩ් ආසාදිත ළමා මරණ සංඛ්‍යාවද පහළ ගොස් තිබෙනවා

Share Button

කොවිඩ් ආසාදිත ළමුන්ගේ ප්‍රතිශතය ශීඝ්‍රයෙන් අඩුවී ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ශාමල් රජීන්ද්‍රජිත් මහතා සඳහන් කළේ ඊට සමගාමීව කොවිඩ් ආසාදිත ළමා මරණ සංඛ්‍යාවද පහළ ගොස් ඇති බවයි.

මේ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව අඩු වීමත් සමඟ ඔවුන් සඳහා වෙන් කර තිබූ වාට්ටු වෙනත් සාමාන්‍ය රෝගීන් සඳහා යළි ලබා දීමට කටයුතු කර තිබෙනවා.

යළි කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාම වළක්වා ගැනීම සඳහා පුද්ගල ඒකරාශීවීම් සහ උද්ඝෝෂණ සීමා කිරීමට පියවර ගතයුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ අහඹු කොවිඩ් පරීක්ෂණ සිදුකිරීමටද අවධානය යොමුකළ යුතු බවයි.

මේ අතර, සංචරණ සීමා හේතුවෙන් නවතා දමා තිබූ පළාත් තුළ දුම්රිය ධාවනය පමණක් හෙට සිට ආරම්භ කෙරෙන අතරල පළාත් අතර දුම්රිය ධාවනය ආරම්භ කෙරෙන්නේ ලබන 31 වැනිදායින් පසුවයි.

තවත් කොවිඩ් ආසාදිතයින් 554 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 535529 දක්වා ඉහළ ගියා.

ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 19ක්.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගියේ 13593ක් දක්වායි.

මේ අතර කොවිඩ් පාලනය සඳහා පනවා ඇති පළාත් අතර සංචරණ සීමා එළැඹෙන 31 වැනිදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි.

ඒ අනුව පළාත් අතර දුම්රිය ධාවනය 31 වැනිදා දක්වා සිදු නොවන අතර හෙට සිට පළාත් ඇතුළත පමණක් දුම්රිය ධාවනයට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙම දුම්රිය ධාවනය කෙරෙන්නේ අත්‍යවශ්‍ය සේවකයින් සඳහා පමණක් වන අතර අනෙකුත් මගීන් දුම්රිය භාවිතයෙන් වළකින ලෙසද දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *