Press "Enter" to skip to content

බස් රථ හිමියෙකුට සඳහා රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක සහනයක්

Share Button

පෞද්ගලික බස්රථ කර්මාන්තය කඩා වැටීමට ඉඩ දෙන්නේ නැතැයි ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

අද පෞද්ගලික බස් රථ සේවාව මගින් මේ රටේ ජනතාවට වන සේවාව අතිමහත්. නමුත් මේ වන විට පැවති කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ලංකාවේ පෞද්ගලික බස් කර්මාන්තය බිඳ වැටි තිබෙනවා. මේ බස් කර්මාන්තය රැක ගැනීම අප කාගෙත් වගකීමක් සහ යුතුකමක්. ඒ නිසා බස් කර්මාන්තය නැවත වරක් නගා සිටුවීමට වත්මන් රජයේ අරමුණ වී තිබෙනවා.

අප කොහෙත්ම පෞද්ගලික බස්රථ කර්මාන්තය කඩා වැටීමට ඉඩ දෙන්නේ නැහැ ඒ සඳහා තමයි බස් රථ කර්මාන්තයට සම්බන්ධ පෞද්ගලික අංශයත් එක්ව මෙම සහන පැකේජ වැඩසටහන දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ. එමෙන්ම මෙම වැඩපිලිවෙල දියත් කිරීම සදහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් විශාල කාර්ය භාරයක් ඉටු කර තිබෙනවා.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පල කළේ ඊයේ (13 )  සබරගමු පළාත් සභා ශ්‍රවනාගාරයේදි, රත්නපුර දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස්රථ හිමියන්ට මෙම සහන පැකේජ ලබාදීම වෙනුවෙන් ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවති උත්සවයකදීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය පවසා සිටියේ මේ වන විට පළාත් සහ අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 20000කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා මගී ප්‍රවාහන සේවාවේ නිරත වන බවයි. එහෙත් කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙම බස්රථ වල ආදායම් අහිමිවීම නිසා නඩත්තු කටයුතු පවා සිදු කිරීමට නොහැකි වෙලා තිබෙනවා, එම නිසා මෙම බස් රථ කර්මාන්තයට සම්බන්ධ ටයර් කර්මාන්තකරුවන්, බැටරි නිෂ්පාදකයින්, ලිහිසි තෙල් නිෂ්පාදකයින්, සහ අමතරකොටස් අලෙවි නියෝජිතයින් මෙම සහන පැකේජ ලබා දීමට මූල්‍ය දායකත්වය ලබා දී තිබෙනවා.

මේ සහන පැකේජය යටතේ යලි ප්‍රවාහන සේවාවට එක්වන බස්රථවලට අවශ්‍ය ටයර්,බැටරි, ඔයිල්, සහ අමතර කොටස් සදහා වෙලඳපොලේ ලබාදෙන වට්ටම්වලට අමතරව විශේෂ වට්ටමක් ලබාදීමට ගමනා ගමන කොමිෂන් සභාවට එම පෞද්ගලික ආයතන එකඟතාවය පල කර තිබෙනවා.

එබැවින් මෙම වැඩපිළිවෙල යටතේ බස් රථ හිමියෙකුට සඳහා රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් සහන වශයෙන් ලැබෙන බවද පවිත්‍රා වන්නිආරච්ච මහත්මිය සඳහන් කළාය.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *