Press "Enter" to skip to content

මට අසාධාරණයක් වුන තැන් තියෙනවා – මම දැන් ඉදිරිපත් වෙන්නේ සජිවි සම්මුඛ සාකච්ඡා වලට විතරයි

Share Button

නිරූපණ ශිල්පිනියක ලෙස කලාවට එකතු වෙන ඇය අද දක්ෂ රංගන ශිල්පිනියක්. නමින් නදීශා හේමමාලි. අද අපේ කතා බහ ඇය සමඟයි. අවුරුදු තුන හතරක නිහඩබවින් මිදිලා මේ දිනවල අලුත් රංගනයට එකතු වෙන නදිශා කලක් බොහෝ දෙනෙක් කතා කල රංගන ශිල්පිනයක්. ඉතින් අපි නදීශාගෙන් මේ වගේ ප්‍රශනයක් අහන්න හිතුනා. වැඩිය පෙන්න නැත්තේ ඔබට නිර්මාණ වලට ලැබෙන අවස්ථාව අඩුවෙලා ද? “නෑ නිර්මාණ වලට මට ආරාධනා එනවා. හැබැයි මම ඒවා පිළිගන්නේ හිතලා බලලා. මොකද අද ගොඩක් නිර්මාණ බිහි වෙන්නේ ලාභ ප්‍රයෝජන මත. මට ඕනි ප්‍රෙක්ෂකයාට ගුණාත්මක දෙයක් ලබා දෙන්න. ඒ නිසා මම නිර්මාණයකට එකතු වෙන්න කලින් හිතනවා.”

නදිශා සමාජ මාධ්‍ය ගැන හිතන්නේ කොහොමද, “ඒක මෙහෙමයි සමාජ මාධ්‍ය වල හොද නරක දෙකම තියෙනවා. ඒක හොදයි කියලා එක පැත්තක් නරකයි කියලා එක පැත්තක් ගන්න බෑ. ඒ නිසා ඒක තෝරගන්න ඕනි අපිමයි, හැම මාද්‍යක්ම එහෙනමයි”

නදිශාට මාධ්‍ය වලින් ආසාධාරණයක් වුනාද අපි අහපු ප්‍රශ්නයට ඇය දුන්නේ මෙහෙම පිළිතුරක් “ඇත්තටම ඔව්. මට අසාධාරණයක් වුන තැන් තියෙනවා මම දැන් ඉදිරිපත් වෙන්නේ සජිවි සම්මුඛ සාකච්ඡා වලට විතරයි. මොකද ඒවාගේ අපි කියන තොරතුරු වෙනස් කරන්න බෑ. මොකද කාලයක් පත්තර වල ගියේ මම නොකියපු දේවල්. මම කියපු තොරතුරු වෙනස් කරලා. මට මගේ පෞද්ගලික ජිවිතේ අවශ්‍යනම් ෆේස්බුක් වගේ සමාජ මාධ්‍ය වලින් දෙන්න පුළුවන්. ඒ නැතුව මම නොකියපු දේවල් සමාජ ගත කරන එක වැරදියි.”

ඔබ වැඩිපුර මාධ්‍ය සාකච්ඡා වලට නොඑන්නේ මාධ්‍ය කලාකරුවන්ගේ කුණු සොයන නිසාද, “මේකයි අනිවාර්යයෙන් රටක මාධ්‍ය කලාකරුවෙක් සමඟ කතා කරන්න ඕනි. හැබැයි ඒ කලාකරුවගේ නිර්මාණ ගැන. නැතුව ඔවුන්ගේ පෞද්ගලික ජිවිතේ ගැන නෙවෙයි. මොකද එහෙම පෞද්ගලික තොරතුරු වලින් ප්‍රෙක්ෂකයා වුනත් අතරමං වෙන්න පුළුවන් සත්‍ය අසත්‍යතාවය මත.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන නදීශාගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *