Press "Enter" to skip to content

Culinary Art Food Expo 2019 තරඟාවලිය සහ ප්‍රදර්ශනය ඔක්තෝබරයේදී

Share Button

ශ්‍රී ලංකාවේ සත්කාරක ක්ෂේත්‍රයේ සුපවේදීන්ගේ ඉවුම් පිහුම් දස්කම් විදහා පාන වේදිකාවක් බඳු Culinary Art Food Expo 2019 තරඟාවලිය සහ ප්‍රදර්ශනය 19 වන වරටත් ඔක්තෝබර් මස 21, 22 සහ 23 යන දිනවල BMICH හිදී පැවැත්වේ. මෙම සුවිශේෂී තරඟාවලිය සඳහා කණ්ඩායම් රැසක් සහභාගි විමට නියමිත අතර ඔවුන් ආහාර කලාවේ නිර්මාණශිලිත්වය, හැඩය සහ රසය මෙහිදී විදහාපානු ඇත.

Culinary Art Food Expo 2019 යනු දකුණු ආසියාවේ විශාලතම ආහාර සහ සත්කාරක ප්‍රදර්ශනය හා ඉවුම් පිහුම් තරඟාවලිය ද වේ. ලෝක සුපවේදීන්ගේ සමාජ සංගමය, CDC Events & Travels වෘත්තීය ප්‍රදර්ශන සංවිධාන ආයතනය සමඟ එක්ව ලංකා සුපවේදීන්ගේ සංසදය විසින් මෙම ප්‍රදර්ශනය සහ තරඟාවලිය සංවිධානය කෙරේ. ලොව පුරා ප්‍රදර්ශනකරුවන් හට පරිපුර්ණ වෙළඳ පදනමක් වන මෙය, ඔවුන්ගේ නව්‍ය නිෂ්පාදන, සේවා සහ තාක්ෂණික ක්‍රමවේද ගැනුම්කරුවන් දහස් ගණනකට හඳුන්වා දීම සඳහා හිමිවන කදිම අවස්ථාවකි. ඒ අනුව, ප්‍රදර්ශනකරුවන්ටත්, අනුග්‍රාහක භවතුන්ටත් වැඩි ව්‍යාපාරික අවස්ථා ප්‍රමාණයක් හිමිකර ගැනීම සඳහා අවශ්‍යවන ශක්තිමත් ජාලයක් ගොඩනගා ගැනීමට ද මෙමගින් අවස්ථාව උදාවේ.

ශ්‍රී ලංකාවේ පළාත් රැසක් නියෝජනය කරමින් රෙසොර්ට්, හෝටල් සහ ආපණශාලාවල සුපවේදීන් 1600කට අධික පිරිසක් මෙන්ම බාටෙන්ඩර්වරුන්
200-300 අතර ප්‍රමාණයක් ද මෙම තරඟාවලිය සඳහා ඉදිරිපත් වීමට නියමිතය. ඔස්ට්‍රේලියාව, යුරෝපය සහ නැගෙනහිර ආසියානු රටවල WACS අනුමත විනිශ්චය මණ්ඩලයක් විසින් මෙහි විනිශ්චය කටයුතු සිදුකරනු ලබන අතර මාලදිවයින සහ ඉන්දියාව ආදී රටවල් නියෝජනය කරමින් විදේශ කණ්ඩායම් සහ තනි තරඟකරුවන් රැසක් ද තරඟාවලියට සහභාගී වෙති. මෙවර තරඟාවලියේ ජයග්‍රහණය හිමිකර ගන්නා තරගකරුවන් හට 2020 වසරේ පෙබරවාරි මසදී ජර්මනියේ පැවැත්වෙන සුප ශාස්ත්‍ර ඔලිම්පික් තරඟාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමි වේ.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *