Press "Enter" to skip to content

මම පුහුණුවීම් කරන වෙලාවේ ලිස්සලා ගිහින් එකපාරම ඔළුව වැදුණා

Share Button

යොවුන් පරපුරේ හැමෝගෙම සිහින කුමරිය බවට පත්වෙලා ඉන්න සුන්දර රුවකට හිමිකම් කියන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිලූෂි පවන්‍යා කියන්නේ. ‘රැස්’, ‘දිවිතුරා’, ‘හුස්මක් තරමට’, යන ටෙලි නාට්‍ය ගණනාවකින් එකිනෙකට විවිධ චරිත හරහා ඔබ හමුවට පැමිණෙන ඇය ගැනයි මේ කතාබහ. නිලූෂි රංගනය මෙන්ම නර්ථනයට වගේම නිවේදනයටත් ගොඩක් දක්ෂයි. ඇගේ නර්ථන හැකියාව එළියට ආවේ ‘හිරු මෙගා ස්ටාර්’ තරඟය හරහා කිවොත් නිවැරදියි. ඇගේ ප්‍රථම රියලිටි තරඟාවලියෙන්ම ජනතා ආකර්ෂණය දිනාගන්න ඇයට පුළුවන් වුනා. ඒ වගේම ‘හිරු මෙගා ස්ටාර්’ කියන්නේ ඇයට අලුත් අත්දැකීමක් වගේම ක්‍ෂේත්‍රයේ දක්ෂයින් රැසක් සමඟ කටයුතු කිරිම ඇයට අලුත් අත්දැකිමක්වූ බවයි.

කොහොම වුනත් පසුගිය දිනක නිලූශි නර්තන පුහුණු විම් අතරතුර කරදරයකට මුහුණ දුන්නා කියලා අපට ආරංචි වුනා ඉතින් ඒ සිදුවීම පිලිබඳ ඇය අප සමග පැවසුවේ මෙහෙමයි “ඔව් ඒ ගැන මතක් කරද්දීත් ඇඟ හිරි වැටෙනවා වගේ. මම පුහුණුවීම් කරන වෙලාවේ ලිස්සලා ගිහින් එකපාරම ඔළුව වැදුණා. දවසක් විතර සිහිය නැතුව තමයි හිටියේ. ඒ වෙලාවේ මට මොකද වුණේ කියන්න මම දන්නේ නැහැ. ඇත්තටම මම හිතුවේ මම ඉවරයි කියලා. පෙර පිනකට තමයි මම බේරුනේ කියලා මම හිතනවා. ඒ අනතුර වෙලා ටික කාලයක් යනකන් මට ලොකු හිසේ කැක්කුමක් තිබ්බා දැන්නම් ගොඩක් දුරට සනීපයි” කියලයි.

නිලූෂි මේ වනවිට ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. ඉතින් ඇය කෙටිකාලයක් තුල පැමිණි මේ ගමන පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”ඇත්තටම මට ගොඩක් සතුටුයි අද මම ඉන්න තැන ගැන. මම මේ ආපු ගමන ගැන කාටවත් ඇඟිල්ලක් දික් කරලා මොකවත් කියන්න බෑ මොකද මම එහෙම වැඩ කරලා නෑ. මම පිළිවෙලට පියවරෙන් පියවර ආව ගමනක් මේක. මම නිරූපිකාවක් විදියට නිරූපන ක්‍ෂේත්‍රයට සම්බන්ද වුනේ 2015 වසරේදී. හැබැයි රංගනයට ඇවිල්ලා ලොකු කාලයක් නෑ. පුංචිම පුංචි තැනක ඉඳන් ආව ගමනක් මේක. ගොඩක් අය මට උදවුකලා ඒ අයට ගොඩක් ස්තුතියි. කකුලෙන් ඇදපු අයත් හිටියා මම ඒ අය ගැන මොකවත් කියන්නේ නෑ. මගේ ගමන මම යනවා” කියලයි.

01.

02.

03.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *