Press "Enter" to skip to content

2018 වර්ෂයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල ඝාතන කුමන්ත්‍රණයේ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලඥයෙක් සම්බන්ධ නැහැ

Share Button

2018 වර්ෂයේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයෙක් වූ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණයක් තිබෙන බවට නාමල් කුමාර නැමැත්තෙක් හඬ පටයක් ඉදිරිපත් කරමින් පැමිණිල්ලක් කළ බවත් එම පැමිණිල්ලට අදාළ විමර්ෂන අවසානයේදී ඊට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලඥයෙක් සම්බන්ධ නොමැති බවට තහවුරු වූ බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සභාව කල් තබන අවස්ථාවේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

අදාල පැමිණිල්ල 2018 සැප්තැම්බර් 15 වැනි දින කරන ලද බවත් ඊට අදාලව විමර්ෂන කටයුතු අවසන් කර 2019 සැප්තැම්බර් 09 වැනි දින එම ගොනු නීතිපති උපදෙස් පතා යොමු කළ බවත් අමාත්‍යවරයා පැවසීය.

එලෙස අධිකරණය හමුවේ එතෙක් තිබූ මීට අදාල උදෘත ගොනු ලබා ගෙන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ විමර්ෂන ඒකකය මගින් මෙම ඝාතන කුමන්ත්‍රනයට අදාලව මූලික විමර්ෂනයක් සිදු කරමින් පවතින බවද අමාත්‍ය සරත්වීරසේකර මහතා එහිදී සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර – 2018 වර්ෂය අග භාගයේ එවකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාව ඝාතන කුමන්ත්‍රනයක් ඇති බවට නාමල් කුමාර යන අයෙක් විසින් හඩපට ඉදිරිපත් ප්‍රකාශයක් කළේය. ඒ අනුව ඒ වන විට ත්‍රස්ත විමර්ෂන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාව සිටි ඩී.අයි.ජී නාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහුව ත්‍රස්ත විමර්ෂන කොට්ඨාසයෙන් ඉවත් කරන ලදී. ඉහත ප්‍රකාශයට අදාලව මේ වන විට සිදුවන ප්‍රගතිය කවරේද. එම ඝාතන කුමන්ත්‍රනයට යම් දේශපාලඥයෙක් හෝ දේශපාලන පක්ෂයක් සම්බන්ද වී තිබේද. ඩී.අයි.ජී නාලක සිල්වා සම්බන්දව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද. ඉතින් ජනාධිපති ඝාතන කුමන්ත්‍රනය අවුරුදු 03ක් ගිය තැන කාලයේ වැලි තලාවට වැසී ගිහින්ද? එහෙම යන්න දෙන්න බෑ. මේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රනය බොහොම ප්‍රසිද්ද කාරණයක්. මෛත්‍රීපාල මහත්මයා විතරක් නෙවෙයි ඒකට සම්බන්ද කළා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාවත්. මේ පරීක්ෂනයේ තොරතුරු රට සහ ලෝකය දැනගන්න අවශ්‍යයි.

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර – 2018 අග භාගයේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඝාතන කුමන්ත්‍රනයක් ඇති බවට නාමල් කුමාර යන අයෙකු විසින් හඩ පටයක් ඉදිරිපත් කරමින් කරන ලද ප්‍රකාශයට අනුව ඒ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාව සිටි ඩී.අයි.ජී නාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහුව එම කොට්ඨාසයේ රාජකාරී වලින් ඉවත් කරන ලදී.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රනයක් පවතින බවට දූෂණ මෙහෙයුම් බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර නැමැත්තා 2018 සැප්තැම්බර් 15 වැනි දින කරන ලද පැමිණිල්ලට අදාලව විමර්ෂන කටයුතු අවසන් කර 2019 සැප්තැම්බර් 09 වැනි දින එම ගොනු නීතිපති උපදෙස් පතා යොමු කර තිබෙනවා.

එම කුමන්ත්‍රනයට යම් දේශපාලන පක්ෂයක් හෝ දේශපාලඥයෙක් සම්බන්ද වී නැහැ. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ විමර්ෂන ඒකකය මගින් මූලික විමර්ෂන සිදු කරමින් පවතිනවා. එම උදෘත ගොනු එතෙක් තිබුනේ අධිකරණයේ. ඒවා දැන් ලබාගෙන ඒ පිළිබදව අපි තවදුරටත් විමර්ශන කටයුතු කරනවා.

Share Button
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *