Press "Enter" to skip to content

අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ලබාදෙයි

Share Button

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවූ 2021 අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (15) පෙරවරුවේ සටහන් කළ බව කතානායක කාර්යාලය පවසයි.

මේ අනුව එම පනත් කෙටුම්පත අද සිට බලාත්මක වනු ඇත.

මුදල් පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඉකුත් 7 වැනිදා සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 44ක් පමණි.

මුදල් පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‍ ඊට ඡන්දයක් ලබා දෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය. එම ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.

මෙම මුදල් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක නායකයෝ මුල සිටම සිය විරුද්ධත්වය පළ කළහ.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැරදිකරුවන්වන පුද්ගලයන්ට මෙම පනතින් සුජාතභාවයක් ලැබෙන බව එම නායකයෝ එලෙස විරෝධය පළ කරමින් සඳහන් කළහ.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *