Press "Enter" to skip to content

දෛනිකව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙලා

Share Button

ගුවන්තොටුපොළ පරිහරණය කරන සංචාරකයින්ට හා ශ්‍රී ලාංකිකයන්ට පවතින බාධා කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ ගුවන්තොටුපොළ  බලධාරීන්ට උපදෙස් දී ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටි.

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමෙන් පසු දෛනිකව මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වර්ධනය වී ඇති බවත් ඉදිරියේ දී එය සංචාරකයින් 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් දක්වා වර්ධනය විය හැකි බැවින් එවැනි බාධා ඉවත් කළ යුතු බව සංචාරක  අමාත්‍යවරයා එම නිලධාරීන්ට දැනුම් දී ඇත.

මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට සහ සංචාරකයින්ට ගුවන්තොටුපල පරිශ්‍රයෙන් පිටව යාම සඳහාත්, සිය ගමන්මලු ලබා ගැනීම සඳහාත්, රේගු සේවා සඳහාත් වෙන වෙනම කුටි සකසන ලෙස අමාත්‍යවරයා  ගුවන්තොටුපළ බලදාරීන්ට උපදෙස් දුන් බවද අමාත්‍යාංශය කියා සිටී.

වසංගත රෝග පාලනය කිරීමට අදාල සෞඛ්‍යය නිර්දේශ අනුගමනය කරමින් ගුවන්තොටුපල කටයුතු පවත්වා පවත්වාගෙන යාම කෙරෙහි මේ කාලසීමාවේදී වැඩි අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පෙන්වා දේ.

ඉකුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ සමයේ කටුනායක ගුවන්තොටුපල නව මගී පර්යන්තයක් ඉදිකිරීම සඳහා කටයුතු ඇරඹුවත් යහපාලන රජය සමයේ එම කටයුතු අඩාල විය.

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට මෙම උපදෙස් ලබා දුන් බවද සංචාරක අමාත්‍යාංශය කියා සිටී. ඉදිරි කාල සීමාවේදී සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බැවින් සංචාරකයින් අපහසුතාවයට පත්වීම  අවම කිරීමට අදාළ ක්‍රියාමාර්ග සොයා බැලීම සඳහා අමාත්‍යවරයා මෙම නිරීක්ෂණ චාරිකාවට එක් විය.

මෙම අවස්ථාවට ගුවන් සේවා හා ගුවන් සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි, උප සභාපති රජිව් සූරියාරච්චි, ආගමන විගමන නිලධාරීන්, රේගු නිලධාරීන්, ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් ද එක් වූහ .

Share Button
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *