Press "Enter" to skip to content

කිසියම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කටුනායක සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂාව දැඩි වෙයි

Share Button

කිසියම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂාව අද (15) සිට දැඩි කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි.

ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් පෙරේදා (14) රාත්‍රීයේ ගුවන්තොටුපලට ලද ඊමේල් පණීවිඩයකට අනුව මෙසේ ගුවන්තොටුපළවල ආරක්ෂාව තර කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය.

මෙලෙස ලද තොරතුර තහවුරු නොකළ එකක් වුවද පූර්ව ආරක්ෂක පියවරක් ලෙසින් ගුවන් තොටුපළවල ආරක්ෂාව තරකළ බව ද එම නිලධාරියා සඳහන් කළේය.

මේ සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා ඇතැයි පැවසෙයි.

අයි එස් අයි එස් සහ තලෙයිබාන් මතවාදයන් සමඟ අභිප්‍රේරණය වූ කණ්ඩායම් ශ්‍රී ලංකාව තුළද සක්‍රීය වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙස පොලිස් ප්‍රධානින් විසින් මෙරට සියලු බුද්ධි අංශවලට උපදෙස් ලබාදෙනු ලැබ ඇතැයි ද වාර්තා වේ.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *