Press "Enter" to skip to content

ලංකාවේ තරුණියන්ගේ ක්‍රෂ් එක චෙෆ් චරිත් යුරේනිගේ විවාහ යෝජනාවට කැමති වෙයිද?

Share Button

මෑතකදී සමාජ මාධ්‍ය තුල විශේෂ පුද්ගලයෙක් ගැන කතාබහ වෙන්නට පටන් ගත්තා, මීට පෙර නම් මේ විදියට වැඩිපුරම කතාබහට ලක් වුනේ නලු නිලියන්, ගායක ගායිකාවන් හෝ මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ද පුද්ගලයින් ගැන. නමුත් මේ තරුණයා ගැන හැම කෙනෙක්ම කතා කරන්නට පටන් ගත්තේ ඔහුගේ කෑම හදන වීඩියෝ වලට ආස හිතිලා.

ඒ විතරක් නෙවෙයි කඩවසම් පෙනුමකුත් තියන කෙනෙක් නිසාම ඔහු මේ දවස්වල තරුණියන්ගේ වැඩිම ආකර්ෂණයකට පත් වෙලා ඉන්නවා. Wild Cookbook කියන නමින්ෆේ ස්බුක් පිටුවක් වගේම යූ ටියුබ් නාලිකාවකුත් ඔහු පවත්වාගෙන යනවා. නමුත් මේ තරුණයා මුලින්ම ජනප්‍රියත්වයට පත් වෙන්නේ ටික් ටොක් තුලින්.

ඒ තවත් කෙනෙක් අනුකරණය කරන දේවල් කරලා නම් නෙවෙයි. මේ විදියෙම කෑම හදන ලස්සන වීඩියෝ ක්ලිප් වලින්ම තමයි. සමාජ මාධ්‍ය තුලින් මේ විදියට රටේම ආදරය දිනාගත් තරුණයාගේ නම වෙන්නේ චරිත් එන් සිල්වා.

සාමාන්‍ය විදියට කෑම හදනවා විතරක් නෙවෙයි හැමෝම ඔහුට මේ තරම් ආකර්ෂණ වෙන්න හේතුව වෙලා තියෙන්නේ චරිත්ගේ ලස්සන ඉදිරිපත් කිරීම නිසා. චරිත වෘත්තිමය සුපවේදීයෙක් වශයෙන් රැකියාව කරන කෙනෙක්. ලංකාවේ ප්‍රමුක පෙලේ හෝටලයක තමයි ඔහු සේවය කරන්නේ. හිතට ආපු පුංචි අදහසක් නිසා මේ විදියේ දෙයක් කරන්න හිතුවත් මෙහෙම ජනප්‍රිය වේවි කියලා නම් ඔහු සිතුවෙ නැහැලු. ඒක ජිවිතයට ලොකු ආශිර්වාදයක් කියලා ඔහු කියනවා.

ඒ වගේම සමාජ මාධ්‍ය තුලින් ලැබෙන කමෙන්ට්ස් තරුණ තරුණියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර දැක්කම ගොඩක් ලොකු සතුටක් දැනෙනවා. මම කෑම හදන්නේ වෘත්තිමය වශයෙන් විතරක් නෙවෙයි.

එදිනෙදා ජීවිතයේත් පිරිමි කෙනෙක් විදියට උයන්න හැකියාව තියනවා කියන දේත් එක්ක ජිවිතයට වටිනාකකම් එකතු කරනවා. ඉදිරියේදී තවත් අලුත් දේවල් ටිකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. අපේ කොල්ලෝ කෙල්ලෝන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සහ සහයෝගය ගැන ගොඩක් සතුට්‍රු වෙනවා.

ඉතින් මේ එක්කම තමයි චරිත විසින් කියලා තිබුනේ තවම මට පෙම්වතියක් නැහැ කියලා. ඒ කතාවත් එක්ක අපේ රටේ ජනප්‍රිය චරිතයක් වන යුරේනි නොෂිකා විසින් හිරු එෆ් එම් එකේ වැඩසටහනකට එකතු වෙලා චරිත්ගේ දුරකතනයට ඇමතුමක් අරගෙන මෙහෙම කිව්වා. ඔයා ගොඩක් රසට කෑම හදනවා මම දැකලා තියනවා.

ටික් ටොක් එකෙත් ෆලෝස්ලා ලක්ෂ පහක් විතර ඉන්නවා දැකලා තියනවා. මම විශේෂයෙන්ම ඔයාට කතා කරන්න හේතුව උනේ මට නම් පරිප්පු ඇටයක්වත් හදාගන්න බැහැ. මම හොයනවා දැන් සහකරයෙක් අවුරුදු විස්සක විතර ඉඳලා තාම හම්බ වුනේ නැහැ. ඔයාට ඉතින් වයස එහෙම ප්‍රශ්නයක් නැත්නම් මම බැලුවේ හස්බන් කෙනෙක් විදියට ඔයා ගැලපෙනවා කියලා. මට තුන්වේලට කෑම හදලා මගේ වැඩටික කරලා දුන්නා නම් ඇති.

මාව බැන්දොත් මම ඔයාව හොඳට තේරුම් අරන් ඉන්නම්. ඉතින් මේ වගේ රසබර කතාබහක් එක්ක තමයි යුරේනි කතාව අවසන් කලේ.

ඒත් චරිත් නම් ඒ ගැන අපිට මෙහෙම අදහසකුයි කිව්වේ.

“ඒක මට ගත්ත prank call එකක් විතරයි. යුරේනි නොශිකා තමයි කතා කරලා තියෙන්නේ. එමගින් තමයි ඒ කතා බහ ඇති වෙලා තියෙන්නෙ”

Share Button
More from වින්දනීය පුවත්More posts in වින්දනීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *