දෙහිඕවිට බස් නැවතුම්පල භුමිය තුල මේ වනවිට ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කර එය භාවිත කළ හැකි තත්ත්වයට පත් කරන්නැයි ප්රදේශවාසීහු දෙහිඕවිට ප්රාදේශීය සභාවෙන් ඉල්ලා සිටිති.
එම බස් නැවතුම්පල රාත්රි කාලයේ අඳුරේ පවතින බවට ද ඔවුහු චෝදනා කරති.
පවතින තත්ත්වය හමුවේ බස් රථ බොහොමයක් බස් නැවතුම්පලට ඇතුල් කිරිමෙන් වැලකි සිටින බව ද මගී ජනතාව පෙන්වා දෙති.
මේ දෙහිඕවිට ප්රාදේශීය සභාවේ අදාළ බලධාරීන්ගේ අවධානය පිණිසයි.
Be First to Comment