රටතුළ පවතින කොවිඩ් වාතාවරණය හමුවේ පාසල් වසා දැමීමත් සමඟ සිසුන්ට මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය හැදෑරීමට සිදුව තිබේ.
නමුත්, අන්තර්ජාල පහසුකම් හරිහැටි සපුරා ගත නොහැකි ඇතැම් සිසුන් මේ වන විට පත්ව ඇත්තේ විශාල පීඩාවකටය.
එවන් පසුබිමක මාතර- පිටබැද්දර ,සියඹලාගොඩ ප්‍රදේශයේ දරුවන් Online අධ්‍යාපනය හදාරන්නේ, සිය නිවැස්වල වහල උඩට වී සිටය.
අන්තර්ජාල පහසුකම් සපයා ගැනීමේදී සිය දරුවන් මුහුණ දී ඇති විශාල අර්බුදය පිළිබඳ ප්‍රදේශයේ මව්පියන් මැසිවිලි නඟති.
නිද්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින රටේ බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමු කර කඩිනම් විසඳුමක් ලබා දෙන මෙන් මව්පියන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
Be First to Comment