Press "Enter" to skip to content

ටයිගර් වුඩ්ස්ගේ අනතුරට හේතුව අධික වේගයද?

Share Button

ඔහු පාරේ වක්‍රය වෙත ළඟා වෙද්දී ටයිගර් වුඩ්ස් තිරිංග තද කිරීමට අදහස් කළ නමුත් ඒ වෙනුවට ගෑස් මතට පැන්නා – අධිවේගී පෙරළීමේ අනතුරක් ඇති වූ බව ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුව බදාදා පැවසීය.

ගොල්ෆ් ක්‍රීඩාවේ ප්‍රබල ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ටයිගර් වුඩ්ස්ගේ පාදයක් බරපතල ලෙස තුවාල වෙමින් මීට සති කිහිපයකට පෙර සිදුවූ රිය අනතුරින් පසුව ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුව කියා සිටියේ අනතුරට ප්‍රධාන හේතුව රථයේ අධික වේගය සහ වංගුව ගැනීමේදී රථය පාලනය කරගැනීමට වුඩ්ස්ට නොහැකි වීම බවයි.

ෂෙරිෆ් ඇලෙක්ස් විලන්නුවෙවා පවසා සිටියේ, SUV රථය පැයට සැතපුම් 87ක වේගයකට මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ළඟාවී ඇති බවය. නමුත් එම ප්‍රදේශයේ ගමන් කළ හැකි උපරිම වේග සීමාව පැයට සැතපුම් 45කි.

වංගුව ගැනීමේදී රථය පාලනය සඳහා තිරිංග යෙදීම වෙනුවට ඔහු ඇක්සලරේටරය පාගා ඇති බවත්, වාහනයේ දත්ත රෙකෝඩරය අනුව ශුන්‍ය තිරිංග යෙදීමක් මෙන්ම, ඇක්සලරේටර් පැඩලය 99%ක්ම යෙදීමක් සටහන්ව ඇති බව කියයි.

කෙසේ වෙතත් අනතුර හේතුවෙන් සති කිහිපයක් රෝහල්ගතව සිට ප්‍රතිකාර ලැබූ වුඩ්ස් මේ වනවිට නිවසේ සිට ප්‍රතිකාර ලබන අතර, එම අවස්ථාවේදී ඔහු මධ්‍යසාර පානය කර නොසිටි බවද පොලීසිය පවසයි. ඒ අනුව අනතුර සම්බන්ධයෙන් ඔහුට යම් දඬුවම් හෝ දඩ ගැසීමක් සම්බන්ධයෙන් මෙතෙක් අදහස් ප්‍රකාශ වී නැත.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *