රන්ජන් රාමනායක මහතාගේ මන්ත්රී ධුරයේ පුරප්පාඩුවට තමන් නම්කළහොත් දිවුරුම් දීමට බලාපොරොත්තුවෙන් සිටින බව එම අසුනට මීළඟ සුදුස්සා වන අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
ඒ මහතා පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්රික්කයෙන් සමගි ජනබලවේගය යටතේ තරගකර මනාප 47212ක් ලබාගෙන පරාජිත මන්ත්රී ලැයිස්තුවේ ඉහළින්ම සිටී.
Be First to Comment