ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය එක්තරා රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක මහත්මිය අක්කර 23ක වනාන්තරයක් විනාශ කළ බවට චෝදනා කළාය.
ඇය එම චෝදනාව එල්ල කළේ, මීරිගම, බෝතලේ, දඹගොල්ල, හොර කැළේ වනාන්තරය සම්බන්ධයෙනි.
එම චෝදනාවලින් කියැවුණේ, දේවානී ජයතිලක මහත්මියගේ ද අනුදැනුම අනුව යහපාලන රජය සමයේ අදාළ වනාන්තරයේ ගස් කපා දමා ඇති බවය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දේවානී ජයතිලක මහත්මිය එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළ අතර ඒ සම්බන්ධයෙන් නිල මාධ්‍ය නිවේදනයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු විසින් නිකුත් කරනු ලබනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බව පැවසීය.
ඒ අනුව, ඊට අදාළව වන සරංක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත එදිරිසිංහ මහතාගෙන් අපි විමසීමක් කළෙමු.
බෝතලේ, හොර කැළේ වනාන්තරය හෙළි කිරීමට හේතුව ඔහු පැහැදිලි කළේය.
“ඔය කියන බෝතලේ වනාන්තරයේ ගස් ඉවත් කළේ, අපේ අනුමැතිය යටතේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තෝරා ගන්නා ඇතැම් ස්ථානවල ගස් කපා ඉවත් කර ඒවා ප්‍රයෝජනයට ගන්නවා. ඊට පස්සෙ එම ස්ථානයේ යළිත් ගස් සිටුවා වනාන්තර සකස් කරනවා. මේක දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව කරපු ව්‍යාපෘතියක්.”
ඔහු ප්‍රකාශ කළේ, මෙම ව්‍යාපෘතිය සමබන්ධයෙන් දේවානී ජයතිලක මහත්මිය වරදක් කර නොමැති බවය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන බව ද ඔහු පැවසීය.
Be First to Comment