Press "Enter" to skip to content

සම්පූර්ණ යොදය සහිත’ ආනයනික කිරිපිටිවලට 35%ක් ෆාම් තෙල් මිශ්‍ර කරයි

Share Button

මෙරට වෙළඳ පොළේ ඇති සම්පූර්ණ යොදය සහිත ආනයනික කිරිපිටි වලට 35% ක් ෆාම් තෙල් මිශ්‍ර කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේය.

ඒ සඳහා මෙරට ඇති නීති රීතිවලින් අනුබලය ලැබී ඇතැයිද පැවසූ ඔහු ආහාර පනතින් මෙම කටයුත්ත තහනම් වුවද ආනයන අපනයන පනතින් රිංගා යා හැකි බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඒ නිසා මේදය පුරවන ලද කිරිපිටි වෙනුවට පූර්ණ යොදය සහිත කිරිපිටි ලබා දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නේ දැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේ දී පැනයක් යොමු කරමින් මන්ත‍්‍රීවරයා මේ බව විමසීය.

ඊට ප‍්‍රතිචාර ලෙස වෙලද ඇමතිවරයා කියා සිටියේ පැවති රජය විසින් ආනයනික කිරි පිටි කිලෝවක් සඳහා වූ බද්ද රුපියල් දෙකක් දක්වා අඩු කිරීම නිසා මෙම තත්වය වඩා උග්‍ර වූ බවයි.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *