Press "Enter" to skip to content

භාණ්ඩ වර්ග 5800ක් කිසිම රේගු පරීක්‍ෂාවකින් තොරව වෙලදපලට

Share Button

ශ්‍රී ලංකා රේගුව මගින් වෙළඳපලට නිකුත් කරන භාණ්ඩ වර්ග 7200 ක් අතරින් 5800ක් කිසිම ආකාරයකින් විමර්ශනයට ලක් නොවෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කරයි.

මෙම භාණ්ඩ අතර පරිභෝජන මෙන්ම පරිභෝජන නොවන භාණ්ඩ ද තිබෙන බව මාත්‍යවරයා පැවසීය.

එසේ පරීක්ෂාවට ලක් නොවන භාණ්ඩ කන්ටේනරයෙන් ලංකාවට ගෙනවිත් කෙලින්ම වෙළෙඳපොළ යවන බව ද පැවසූ මෙම ක්‍රමයේ අඩුපාඩු කම් නිවැරැදි කිරීමට කටයුතු ආරම්භ කර ඇතැයි ද සඳහන් කළේය.

කිසිදු රජයක් හිතාමතා ජනතාවට වස කවන්නට උත්සාහ නොකරන බවද පැවසූ ඔහු විෂකාරක පොල් තෙල් වෙළෙඳ පලේ තිබේ යැයි කිසිම රාජ්‍ය ආයතනයක් මෙතෙන් ප්‍රකාශ කර නැතැයිද පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *