Press "Enter" to skip to content

තෙමහල් ගොඩනැගිල්ලකින් වැටි යුද හමුදා සෙබලෙකු මරුට

Share Button

පිලියන්දල නිවන්තිඩිය පාසල් මාවතේ තෙමහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් යුද්ධ හමුදා පළමුවන සන්නද්ධ බුද්ධි බලකායේ සෙබලෙක් ඊයේ (7) මියගිය බව පිළියන්දල පොලිසිය කියයි

අනතුරින් මියගොස් ඇත්තේ අලවතුගොඩ මාරුපන ප්‍රදේශයේ පදිංචිව සිටී අජිත් ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයයි

මියගිය සෙබලා තවත් සෙබළුන් කීප කිහිප දෙනකු සමඟ එක්වී තෙමහල් නේවාසිකාගාරය පිරිසුදු කරමින් සිටියදී ඉහළ මාලයේ අඩි 20ක පමණ උසක සිට ඇද වැටී ඇතැයි පොලිසිය කියයි.

අනතුරත් සමග සෙසු සෙබළුන් විසින් බරපතළ තුවාල ලද සෙබලා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව පැය කීපයකට පසු මියගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය

පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *