Press "Enter" to skip to content

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

Share Button

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි යාත්‍රා 3ක් කේරළ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය සමත්වී තිබේ.

එහිදී 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතිබව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

තවත් 7 දෙනෙක් මුහුදට පැන ඇති බව ද වාර්තා වේ.

එම බෝට්ටුවල තිබූ කොකේන් කිලෝ 200ක්, හෂීෂ් කිලෝ 60ක් සහ උපකරණ කිහිපයක් ද සොයාගෙන තිබේ. 

බෝට්ටුවල තිබී හමුවූ මත්ද්‍රව්‍ය වල වටිනාකම මෙතෙක් ඇස්තමේන්තු කර නොමැති බව ද එරට ආරක්ෂක අංශ පැවසීය.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *