Press "Enter" to skip to content

මාරක රිය අනතුරක් – මල්ලීගේ දෑස් ඉදිරිපිට අයියා මරුට

Share Button

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සාගොස් ගසක හැපීමෙන් මෝටර් රථයේ සිටි 23 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබේ.

එම රිය අනතුර සිදුව ඇත්තේ බුත්තල පැල්වත්ත ප්‍රදේශයේදී ය.

ඉන් උසස් පෙළ හදාරන පාසල් සිසුවෙක් ඇතුළු තවත් අයෙක් තුවාල ලබා ඇති බව අප වාර්තාකරු පැවසීය.

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ පැල්වත්ත සිනී සමාගම පරිශ්‍රයේ ඇති මාර්ගයක ඊයේ (7) පස්වරුවේ දී සිදුවූ එම අනතුරින් පසිඳු විජේසේකර නම් එම තරුණයා ජීවිතක්ෂයට පත්විය.

මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදු වන අවස්ථාවේ දී මෝටර් රථයේ පුද්ගලයන් තිදෙනකු ගමන්කර ඇත.

තුවාල ලැබූ පාසල් සිසුවා මියගිය පුද්ගලයාගේ බාල සොහොයුරා වේ.

Share Button
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *