Press "Enter" to skip to content

බදුල්ල පිළිකා ඒකකයේ කොවිඩ් පොකුරේ තවත් අයෙක් මියයයි

Share Button

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් ආසාදනය වූ බවට හඳුනාගත් රෝගීන් අතුරින් තවත් අයෙකු ඊයේ (07) රාත්‍රීයේ ජීවිතක්ෂකයට පත්ව තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පස්සර යූරි වත්තේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයෙකි.

කොවිඩ් -19 ආසාදිත මරණ දෙකක් බදුල්ල මහ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයෙන් මීට පෙර වාර්තා වී තිබුණි.

පසුගිය 05 වනදා එක් මරණයක් සිදුව තිබූ අතර ඊයේ උදෑසන අනෙක් මරණය සිදුව තිබුණි.

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවෙන් පසුගිය දිනවල කොවිඩ් -19 ආසාදිතයින් 34 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

ඒ, රෝගීන් හා ඔවුන් රැකබලා ගැනීමට රැඳී සිටි පිරිසක් මෙන්ම ගැබිනි වෛද්‍යවරියක් ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් පිරිසකි.

මේ අතර පෙරේදා (06) දිනයේ සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදී තවත් ආසාදිතයින් දෙදෙනෙකු බදුල්ල මහ රෝහලෙන් වාර්තා වී තිබුණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ පිළිකා රෝගීන්ට කොවිඩ් වෛරසය ආසාදනයවීම බරපතළ තත්ත්වයක් බවය. ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවීම හේතුවෙන් අවදානම වැඩි බව ඔහු පෙන්වා දෙයි.

මේ අතර පිළිකා ප්‍රතිකාර ඒකකය ආශ්‍රිතව ඊයේ දිනයේද PCR පරීක්ෂණ සිදුකර තිබෙන අතර එහි ප්‍රතිඵල මෙතෙක් ලැබී නොමැත.

Share Button
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *