Press "Enter" to skip to content

ලෝකයම වෙලාගත් කොවිඩ් 19 රෝගයට තප්පරයක්වත් බිය නැති ලංකාවේ සුපිරි වීරයෝ

Share Button

 ලංකාවේ මෙන්ම ලෝකයේම බොහෝ දෙනාගේ අවධානය මෙන්ම කතාබහට ලක්වුණු ප්රධානතම මාතෘකාවක් තමයි කොවිඩ් 19 දරුණු වසංගතය කියන්නේ . සමස්ත ලෝකයාම වෙලාගනිමින් ජිවිත හානි රැසකටම ප්රධානතම හේතුව වුනු මෙම වසංගතය තම ජීවිතය බේරා ගැනීම සදහා ලෝක පාලකයින් දරන්නේ මහත් උත්සහයක් .

ඒ වෙන කිසිම හේතුවක් නිසා නොවෙයි මෙම දරුණුතම වසංගතය වැළදුණු බොහෝ දෙනාගේ ජීවිතය බේරා ගැනීමට මහත් පරිශ්රමයක් දැරීමට සිදුවෙන නිසාවෙනි . ලෝකයේ වගේම ලංකාවෙත් මේ වන විට ජිවිත හානි 484 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර කොවිඩ් උවදුරෙන් ලක් වැසියන් බේරා ගැනීම සදහා ලාංකීය බලධාරින් දරන්නේ මහත් පරිශ්රමයක්.

කෙසේනමුත් මෙම දැවැන්ත කටයුත්ත සදහා අදාල බලධාරීන් විසින් නිරන්තරයෙන්ම මහජන සහයෝගය ඉල්ලා සිටියද සමස්ත ලෝකයටම සාපේක්ෂව ලංකාවේ සිදුවූ මරණ ගණන අඩු නිසාවෙන් ලාංකීය ජනතාව මේ පිලිබදව තවමත් තම අවධනය යොමු නොකර තිබෙන බවට මෑතකදී සිදුවූ සිදුවීම් කිහිපයකින්ම දක්නට ලැබුනා.

එම සෑම අවස්ථාවකදීම අදාල බලධාරීන් විසින් නිසි වැඩ පිළිවෙලවල් සකසා තිබුනද මෙරට වැසියන් විසින් එම ක්රමවේද ඉතාමත්ම නිවැරදිව පිලිපදිනු ලබන්නේ විටෙක මුහුණු අවරණයද පැළදීමට ඔවුනට ඇති ලදී බව නිසාවෙනි .

මෙතරම් ආරක්ෂිත වැඩ පිළිවෙල හදුන්වා දී තිබුනද මෙරට වැසියන් මෙම කරුණු නොසලකා හරිම පිලිබදව අපට තිබෙන්නේ ඉමහත් කණගාටුවක් .මෑතකදී මෙරට වැසියන් අදාල බලදාරින්ගේ ඔවදන් නිසි ආකාරයෙන් පිළිපදිනවද යන්න ගැන අප කල් සොයා බලමක් තමයි මේ .

අද දින එනම් මාර්තු මස 04 වන දින සාගරිකා දුම්රිය ගමන් ගත් මගීන් සෞක්යරක්ෂනුකුලව ගමන් කල අයුරුයි මේ. .මෙතරම් කරුණු පැහැදිලි කර දී තිබුනද අවම වශයෙන් දුරස්ථභාවය ගැනවත් නොසිතමින් මෙලස ගමන් කර ඉන්ජෙක්සන් එකක පිහිට පතන්නේ තමන් ගැන පැත්තකට දමා අනිත් අය ගැනවත් නොසිතාය.

කොරෝනා රෝගය පැතිරයාමෙන් පසු රජයට දෝෂාරාපනය කිරීමෙන් පමණක් පලක් තිබේද ? රජය විසින් අනුගමනය කල යුතු යයි පවසා දී තිබෙන ක්රියාමාර්ග මෙතරම් පැහැදිලිව පවසා තිබියදීත් ඒ පිලිබදව සතයකටවත් මායිම් නොකර මෙලෙස ගමන් කිරීම තුලින් කොවිඩ් පැතිරවීම ඉන්ජෙක්සන් එකකට පමණක් නැවැත්විය හැකිද ? එසේනම් අද සිටවත් අපි රජය විසින් පවසා තිබෙන එම ක්රියාමාර්ග නිසි අයුරින් පිළිපැදීමට සුදනම් වෙනවද එසේ නොමැතිනම් කොවිඩ් මාරයාට හසුවී තම ජීවිතය පුද කරනවද යන්න පිලිබදව තීරණය කරමු. අප කල මෙම සමීක්ෂණය අදාල බලදාරින්ගේ මෙන්ම මෙතෙක් දෑස නොපැදුනු මෙරටේ බුද්දිමත් ජනතාවගේ අවධානය පිණිසයි .

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *