කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ලොව පුරා පැතිරෙන බවත් එය තවත් වසර ගණනාවක්ම පවතින බවත් බි්රතාන්යයේ ප්‍රකට විද්‍යාඥවරියක් වූ ෂැරන් පිකොක් හෙළි කර ඇත.
මේ නව ප්‍රභේදය තවත් වසර 10 ක් කි‍්‍රයාත්මක වනවා යැයි ඇය තවදුරටත් පළ කළාය.
මේ අතර කොරෝනා වසංගතය මර්දනය කිරීමේ අරමුණින් බි්රතාන්ය නව නීතිරීති එළිදක්වා ඇත.
එම නව නීතිරීති අනුව නිරෝධායන නීතිරීති කඩකරමින් දේශසීමා ඔස්සේ පැමිණෙන පුද්ගලයන්ට ස්ටර්ලින් පවුම් 10,000 ක දඩයක් සහ වසර 10 ක සිරදඬුවමක් නියම වේ.
මෙම නීතිරීති යටතේ දින 10ක නිරෝධායනයකට අමතරව පී. සී. ආර්. පරීක්ෂණ 2කට ද මුහුණදිය යුතු යැයි සංචාරකයන්ට දන්වා ඇත.
Be First to Comment